සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කෙරෙන ටෝක් විත් සුදත්ත නැමැති නාලිකාව හරහා ඇතැම් ජනපති අපේක්ෂකයන්ට අගතියක් සහ ඡන්දදායකයන්ට මරණීය තර්ජන එල්ල කිරීමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර, සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා.
ඒ සමාජ මාධ්‍යයේ විකාශය වන ටෝක් විත් සුදත්ත තමැති යූටියුබ් නාලිකාව හරහා දේශපාලන පක්ෂ වලට අගතියක් වන හා ඡන්දදායකයන්ට තර්ජනාත්මක ප්‍රකාශ විකාශය වන බවට මැතිවරණ කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මතයි.
රංගත ශිල්පියකු සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ද වන සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන නාලිකාවක් ඔස්සේ සමහර දේශපාලන පක්ෂවලට විරුද්ධව වෛරී ප්‍රකාශ නිකුත් කර ඇතැයි ද මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙනවා.