මෙවර ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත තවත් පැමිණිලි 118ක් ලැබී තිබෙනවා.
ඒ අනුව පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (28) දිනය දක්වා ලැබි ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1347ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් . ඊට අදාළ පැමිණිලි සංඛ්‍යාව 1285ක් වනවා.
මීට අමතරව ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 06ක් සහ වෙනත් පැමිණිලි 56ක් ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනවා.