ගඟේ ආ අලි හිසේ උණ්ඩ! වෙඩි තබා කළ ඝාතනයක්!!

කුඩාඔය, තෙලුල්ල ජනපදයේ කිරිඳි ඔයෙන් ගොඩගත් අලියාගේ හිසේ තිබී සොයා ගත් උණ්ඩ අනුව වෙඩි තබා ඝාතනය කර ඇති බවටයි වනජීවී සංරක්ෂණ නිලධාරීන් සඳහන් කරන්නේ.

දකුණු පළාතේ සහකාර වනජීවී සංරක්‍ෂක උපුල් ඉන්ද්‍රජිත් පවසන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති විසින් උණ්ඩ කරල් දෙකක් සොයාගෙන ඇති බවයි.

එසේම වෙඩි තබා ඝාතනය කර කැබලිවලට කපා ගඟට දමා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ මළ සිරුරේ අනෙකුත් කොටස් තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර වන අලි ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ඕනෑම අයෙකුට මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන බවත් එම තොරතුරු ලබා දීමට සංස්කෘතික හා පරිසර අධ්‍යයන මධ්‍යස්ථානය වනජීවී දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් (1992 හෝ CES හි 0719005549) අංකයට කතා කර ලබා දෙන ලෙසත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles