අලි වඳවී යන්න නියමිතයි

තවත් වසර පහළොවක් පමණ ගත වන විට මෙරටින් අලි තුරන් වී යෑමේ අවදානමක් පවතින බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසනවා.

ස්වභාවික නොවන හේතුන් මත වාර්ෂිකව සිදුවන අලි මරණ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා තවත් වසර පහළොවක් පමණ ගත වන විට මෙරටින් අලි, ඇත් පරපුර තුරන් වනු ඇති බවටයි ඔහු අනතුරු ඇඟවන්නේ.

මේ සඳහා නිසි පිළියම් නොයෙදුවහොත් කෞතුකාගාරවල තැන්පත් කොට ඇති හස්ති අනුරූවලින් පමණක් අලි ඇතුන් දැක බලා ගැනීමට සිදුවනු ඇති බව ද නයනක රන්වැල්ල සඳහන් කරනවා.

මේ වසර අවසන් වන විට, අලි 600කට ආසන්න ගණනක් මරණයට පත් වනු ඇතැයි අනුමාන කරන බව ද සඳහන් කරන ඔහු ඉකුත් 2010 වසරේදී අලි මරණ 227ක්, 2011 වසරේදී අලි මරණ 251ක්, 2012 වසරේදී අලි මරණ 250ක්, 2013 වසරේදී අලි මරණ 206ක්, 2014 වසරේදී අලි මරණ 230ක්, 2015 වසරේදී අලි මරණ 205ක්, 2016 වසරේදී අලි මරණ 279ක්, 2017 වසරේදී අලි මරණ 256ක්, 2018 වසරේදී අලි මරණ 318ක්, 2019 වසරේදී අලි මරණ 407ක්, 2020 වසරේදී අලි මරණ 328ක්, 2021 වසරේදී අලි මරණ 375ක්, 2022 වසරේදී අලි මරණ 439ක් සිදුව ඇති බවයි පවසන්නේ.

ඒ අනුව ගත වූ 2010 වසරේ සිට 2022 වසර දක්වා අවුරුදු 12ක් තුළ වන අලි 3765ක් මිය ගොස් තිබෙන අතර මේ වසරේ ගත වූ මුල් මාස අටේදී වන අලි මරණ 271ක් වාර්තා වී ඇති බව ද සඳහන්.

මේ අතරින් අලි 57ක් වෙඩි තබා ඝාතනය කර ඇති අතර තවත් අලි 35 දෙනෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇත. හක්කපටස් හේතුවෙන් අලි 21ක් දෙනෙකු ද, ධාවනය වන දුම්රියවල ගැටී වන අලි 8 දෙනෙකු ද මියගොස් තිබේනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles