පාලන බලය වෙනස් කිරීම පහසු නොවන බවත් කුඩා ප්‍රභූ කණ්ඩායමක් එම වෙනස සිදුවීම නැවැත්වීමට ඔවුන්ට හැකි සෑම දෙයක්ම සිදු කරන බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ ලන්ඩන් ජාතික ජනබලවේගය කාන්තා සම්මේලනය අමතමිනුයි. පසුගිය වසර 76 තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය කළේ කුඩා ප්‍රභූ කණ්ඩායමක් බවයි.
මෙම කුඩා කණ්ඩායම ලෙහෙසියෙන් අත් නොහරින බව පැවසූ ඇය, ඔවුන් සියල්ලන්ටම වඩා තමන් ශක්තිමත් බව ශ්‍රී ලංකාවේ ජනතාව දැන් අවබෝධ කරගෙන ඇති බවද සඳහන් කළා.
“වෙනස පහසු වෙන්නේ නැහැ. මෙම වෙනස සිදු වීම නැවැත්වීමට හැකි සෑම දෙයක්ම කරන කුඩා ප්‍රභූ කණ්ඩායමක් සිටිනවා. මෙච්චර කල් ලංකාවෙ වෙච්ච දේවල් පාලනය කරේ ඔවුන්. ඔවුන් ලේසියෙන් බලය අතහරින්නේ නැහැ. ඒත් ඒ හැමෝටම වඩා මේ රටේ මිනිස්සු ශක්තිමත්. අපි මීට පෙර අපේ ශක්තිය අවබෝධ කරගෙන නැහැ. සංවිධානාත්මක කණ්ඩායමක් ලෙස එකතු වීමෙන් අපි ඔවුන් සියල්ලන්ටම වඩා ශක්තිමත්. ඔවුන් පසුගිය වසර 76 තුළ අපේ රට විනාශ කළා. ඒ යුගය අවසන් විය යුතුයි. ඒ යුගය අවසන් කිරීම අපේ වගකීමක්. ඔබට ඒ වෙනස කරන්න පුළුවන්. ඔබත් ඒ වෙනසේ කොටස්කාරියක් විය යුතුයි,” ඇය ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියාය.