ඇල්ල කරඳගොල්ල නායයෑම් යළි සක්‍රීය වෙයි

වර්ෂාවත් සමඟ ඇල්ල කරඳගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා.

මේ වන විටත් එහි පස්තට්ටු, මඩ සමග බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගලායමින් පවතින හෙයින් ඇල්ල වැල්ලවාය මාර්ගයට දැඩි අවදානම් තත්ත්වයක් උදා වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන ප්‍රකාශ කළා.

මෙම අවදානම මෙන්ම වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයේ තැනින් තැනට විශාල ගල්පර්වත, ගස්කොළන් පස්කඳු, කඩා වැටීමට පටන් ගෙන තිබිම නිසාවෙන් මාර්ගයේ පවතින දැඩි අවදානමත් සමඟ ඊයේ (17) උදෑසන සිට යළි විවෘත කළ මාර්ගය දැඩි වර්ෂාව පතිත වන අවස්ථාවලදී තාවකාලිකව විටින් විට වසා දැමීමට සිදුවන බව ඔහු කියා සිටියා.

මාර්ගය මෙසේ වසා දමන අවස්ථාවලදී ඇල්ල වැල්ලවාය මාර්ගය වෙනුවට විකල්ප මාර්ගය ලෙස වැල්ලවාය-කොස්ලන්ද -බෙරගල -හපුතලේ -බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කරන ලෙසට ඇල්ල පොලිසිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ඇතිවන වර්ෂාපතන තත්ත්වය අනුව ඕනෑම මොහොතක ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය වසා දැමීමට කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles