ඇල්පිටිය PHI ඝාතනය : වෙඩික්කරු සිදු කළ තවත් ඝාතන රැසක් හෙළි වෙයි

ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව ඝාතනය කර ඇත්තේ ඉලක්කය වැරදීමෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබෙනවා.

වෙඩික්කරුගේ ඉලක්කය වී ඇත්තේ, ඝාතනය වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ යාබද නිවසේ සිටින පොලිස් පරීක්ෂකවරයෙක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කළ වෙඩික්කරුගෙන් ගල්කිස්ස පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වි තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ ඇල්පිටිය නොවිසඳුණු අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව සේවය කර තාවකාලික වැඩතහනමකට ලක් ව සිටි පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ වෙඩි තබා ඝාතනය කළේද තමන් බවයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 09වනදා එම පොලිස් නිලධාරියාව ඝාතනය කර තිබුණේ නඩු කටයුත්තකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදීයි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් ඝාතන රැසක් පිළිබඳව හෙළි වී තිබෙනවා.

එක් වරෙක රුපියල් 50,000ක මුදලකට කුඩා දරුවෙකු ඝාතනය කිරීමට ගොස් ඇති වෙඩික්කරු තම දරුවා සිහිවීම හේතුවෙන් එය සිදුකර නොමැති බවද පාපොච්ඡාරණය කර ඇතැයි සඳහන්.

මේ වනවිට අත්අඩංගුවේ පසුවන කුලී ඝාතකයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාතර්මේන්තුවට භාරදීමට නියමිතයි.

කෙසේ වෙතත් කුලී ඝාතකයාට කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඝාතනය වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ යාබද නිවසක සිටින පොලිස් පරීක්ෂකවරයෙකු ඝාතනයට බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අදාළ පොලිස් පරීක්ෂකවරයාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ, ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුව මුදා නොහැරීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය අඩු නොකිරීමට කටයුතු කිරීම නිසා බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles