ගාල්ල බන්ධනාගාරයේ හදිසි තත්වයක්!

මාරාන්තික බැක්ටීරියාවක් පැතිර යන බවට වන සැකය නිසා ගාල්ල බන්ධනාගාරයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. හදිසියේ අසනීප වී පසුගිය දා එහි රැඳවූවන් දෙදෙනෙක් මිය ගිය අතර එය හඳුනා නොගත් රෝග තත්වයක් බව පැවසුණා. ඉන් පසුව එහි රැඳවූවන් 16 දෙනෙක් පමණ අසනීප වී ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඊයේ ඇතුළත් කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ තත්වයට හේතු වී තිබෙන්නේ meningococcal නම් බැක්ටීරියාව ආසාදනය වූ නිසා බවයි පැවසෙන්නේ. එය හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන මාරාන්තික බැක්ටීරියාවක් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා.

මෙම බැක්ටීරියාව බන්ධනාගාරය වෙත පැමිණි ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණය පැවැත්වෙනවා. දැනට එහි රඳවා තිබෙන රැඳවූවන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දී තිබෙන බව සඳහන් වෙනවා.

ඒ්‍ අතර ගාල්ල බන්ධනාගාරයේ නව රැඳවූවන් ඇතුළත් කිරීම, රැඳවූවන් අධිකරණ කටයුතු සඳහා රැගෙන යෑම මෙන්ම රැඳවූවන්ට අමුත්තන් හමුවීම සති දෙකකට අත්හිටුවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles