ජූලි 26 වෙනිදා හවස 3 කොළඹ මහජන පුස්තකාලයේදී සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබෙනවා. ඒ කලකට ඉහත එළි දැක්වුණු ” ජාතික භෞතික සැලැස්ම” නම් සංවර්ධනය මුවාවෙන් පරිසරය විනාශ කරන සැලැස්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම උදෙසා බව එහි සංවිධායකයෝ පවසනවා.
මෙය සමාජවාදී ශිෂ්‍ය සංගමය සහ පරිසර සංවිධාන එකමුතුවෙන් සංවිධානය වනවා.
මෙම සම්මන්ත්‍රණය සමාජවාදී තරුණ සංගමය වෙනුවෙන් එරංග ගුණසේකර ඇතුළු පිරිසක් සහ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්, නීතීඥ ජගත් ගුණවර්ධන , නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර , නීතීඥ ශානිකා සිල්වා , නීතීඥ චරිත් ගල්හේන , පරිසරවේදී සජීව චාමිකර ඇතුළු පිරිසක් විසින් මෙහෙයවනු ලබනවා.
මෙය විවෘත ආරාධනයක් සහිත වැඩසටහනක් බව සංවිධායකයෝ වැඩිදුරටත් දන්වා තිබෙනවා.