COVID-19 හි නව ප්‍රභේදයක් වන ‘Eris’ එක්සත් රාජධානිය පුරා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ වෛරසයේ නව වර්ධනයන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි.
Omicron, Eris, හෝ EG.5.1 ප්‍රථම වරට එක්සත් රාජධානියේ ප්‍රභේදයක් ලෙස සොයා ගන්නා ලද්දේ ජුලි 31 වන දින, නමුත් දැන් Covid රෝගීන් 10 න් එකක් මේ ප්‍රභේදය වාර්තා වෙනවා.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) ට අනුව, සියලුම ආසාදන රෝගීන්ගෙන් අඩක් පමණ සියයට 39.4 ක් වන Arcturus ප්‍රභේදයට පසුව එය දැන් එක්සත් රාජධානියේ දෙවන වඩාත් පැතිරුණු ප්‍රභේදය බවට පත්ව තිබෙනවා.
සෞඛ්‍ය විශේෂඥයින් පවසන පරිදි Omicron ප්‍රභේදයක් වන Eris හි වඩාත් පොදු රෝග ලක්ෂණ පහ වන්නේ නාසයෙන් දියර ගැලීම, හිසරදය, තෙහෙට්ටුව, කිවිසුම් යාම සහ උගුරේ අමාරුවයි.
මේ තත්වයන් සියල්ල සලකා බලමින් ශ්‍රී ලංකාවට මේ වෛරස් ප්‍රභේදයෙන් විය හැකි අන්තරාය ගැන අවදියෙන් සහ සීරුවෙන් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරියෙක් Lankaline වෙත පැවසුවා.