වතු හාම්පුතුන් සාකච්ඡා මඟහරී

වතු කම්කරු වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කම්කරු ලේකම් විසින් අද (30) දින වතු හාම්පුතුන් කැඳවා තිබුණා.

කෙසේ වෙතත් රජයේ පාර්ශවය නියෝජනය කරමින් සෙන්දිල් තොණ්ඩමන් සහ වඩිවේල් සුරේෂ් එම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියත් වතු හාම්පුතුන්ගේ සංගමය නියෝජනය කරමින් කිසිවෙකුත් සාකච්ඡාව සඳහා සහභාගී වී තිබුණේ නැහැ.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෙන්දිල් තොණ්ඩමන් සහ වඩිවේල් සුරේෂ් පවසා සිටියේ වතු හාම්පුතුන් මෙම වැටුප් වැඩිකිරීම සිදු කිරීමට අකමැති නම් බදු දීම ඉවත් කර වහාම අදාළ ඉඩම් ටික රජයට පවරා ගත යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles