බිල් වැඩි කළ ලංවිම ලාභ වෙලා ද?

ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසරේ මුල් මාස හතරේදී පමණක් විශාල අලාභයක් අත් කර ගෙන තිබෙනවා. ඒ රුපියල් කෝටි 2979 ක අලාභයක්.

විදුලි බිල 2022 වසරේ අගොස්තු සිට සියයට 75 කින් වැඩි කර තිබිය දීත් මෙලෙස අලාභ ලබා තිබීම විශේෂත්වයක්.

මේ අතර 2023 වසරේ මුල් මාස හතරේදී විදුලිය බලය සඳහාවූ ඉල්ලුමද පසුගිය 2022 වසරේ මුල් මාස හතර හා සැසඳීමේදී සියයට 22 කින් අඩුවී ද තිාබනවා.

ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් වෙනවා.

කෙසේ වූව ද ඊට හේතු ලෙස ප්‍රමාද ගාස්තු වැඩිවීම සහ සහ උත්පාදන පිරිවැය වැඩිවීම සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට අපොහොසත්වීම හේතුවෙන් මෙම පාඩුව සිදු වූ බවයි රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles