හොද්දට ලුණු වැඩි වුණා කියා, බත බෙරි වුණා කියලා නෝනා දික්කසාද කරන්න හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
එසේ සුළු ගැටලුවලට දික්කසාද කළහොත් බඳින්නේ කවුද කියා ප්‍රශ්න කළ අබේගුණවර්ධන මන්ත්‍රීවරයා, අය-වැය වෙනුවෙන් පොදුජන පෙරමුණේ සහය ජනාධිපතිවරයාට ලබා දෙන බව කියා සිටියා.
ඒ අතර පාර්ලිමේන්තුවේ වල්පල් කියවමින් සිටින බවටද විපක්ෂ නායකවරයාට ඔහු චෝදනා නැගුවා.