පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට සම්බන්ධ නඩුවකට කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 5ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
2015 ජනාධිපතිවරණයේදී කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරව අත්අඩංගුවට නොගන්නා ලෙස බලකරමින් කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාව මත රත්නපුර මහාධිකරණය හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද දඩුවම් නියම කළා.
එවක ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ වේදිකාවක් සරසමින් සිටි කහවත්ත ප්‍රදේශයේ පිරිසකට වෙඩි තැබූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට චෝදනා එල්ල වූ අතර නඩුවක් ක්‍රියාත්මක වුණා.
2015 ජනවාරි 05 වැනිදා අලුයම එල්ල වූ වෙඩි තැබීමෙන් දේශපාලන ආධාරකරුවෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගියා.
2015 වසරේ කහවත්ත ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට 2020 ජූලි මාසයේදී රත්නපුර මහාධිකරණය මරණ දඬුවම නියම කළේය.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තමන් සියලු චෝදනාවලින් සහ තමාට පනවා ඇති මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි.
2022 මාර්තු මාසයේදී අභියාචනාධිකරණය විසින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.
කෙසේ වෙතත්, මේ සිදුවීමට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට වසර 5ක සිරදඬුවමක් හිමිව තිබෙනවා.
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සුවිස් කුමාර් නමැත්තාට රැකවරණය දීම සම්බන්ධයෙන් ද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට චෝදනා එල්ල වුණා.