හිටපු ජනපතිගේ හිටපු ව්‍යායාම උපදේශක හෙරොයින් සමඟ අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශාරීරික ව්‍යායාම උපදේශකයකු වශයෙන් ද කටයුතු කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බලකායේ හිටපු ලාන්ස්කෝප්‍රල්වරයකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

මෙම සැකකරු පිළිබඳ විමර්ශනවලින් අනාවරණය වී තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ සමීප ඇසුරක් තිබු බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු මෙම අදාළ සැකකරු ද යුද හමුදාවෙන් ඉවත් වී ඇති බවද පොලිස් විමර්ශන තුළින් හෙළිවී තිබෙනවා.

යහලතැන්න, නෙල්ලිගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු 35 හැවිරිදි දෙදරු පියෙකුද වනවා. සැකකරු හෙරොයින් මත්කුඩු ජාවාරම් කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී මත්කුඩු සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles