ඇප ලැබුණත් සිරගත හිටපු අගමැති

දැනට සිර දඬුවම් ලබා සිටින පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි එක් නඩුවක් සම්බන්ධයෙන් ඔහුට ඇප නියමවී තිබෙනවා.

ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවකට අදාළව මෙලෙස ඇප නියම වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැතිව සිටි කාලයේ දී දේපොළ වෙළෙඳාම්කරුවෙකුට නීතිවිරෝධීව ලබාදුන් ඉඩම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු වී තිබුණා.

නමුත් හිටපු අගමැතිවරයා ඉස්ලාමාබාද් අධිකරණය හමුවේ ඇප ඉල්ලුම් කළේ එම චෝදනා ප්‍රතික්ෂේප කරමින්.

පසුගිය අගෝස්තු මාසයේ සිට සිරගතව සිටින හිටපු අගමැතිවරයාට මෙලෙස ඇප නියම වුවත් තවත් නඩු දෙකකට අදාළව ඔහුට සිර දඩුවම් නියමව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles