මුලතිව් සමූහ මිනීවලේ කැණීම් අවසන් : සිරුරු 52ක අස්ථි කොටස් ගොඩගනී

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ තෙවන අදියරේ කැනීම් සිදුකරමින් මිනිස් සිරුරු කොටස් 12 ක් හමුවීමෙන් අනතුරුව එම අදියරේ කැනීම් නවතා දැමූ බවට මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව පවසනවා.

මේ අනුව පළමු, දෙවන සහ තෙවන අදියරයන්හි සිදුකරන ලද කැනීම් මගින් කොක්කුතුඩුවායි සමූහ මිණීවලෙන් මිනිස් සිරුරු 52 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ නියෝගයන් පරිදි මුලතිව් රෝහලේ සුරක්ෂිතව තැන්පත් කොට ඇති බවටද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කරනවා.

පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් පොලීසියේද සහය ඇතිව කැණීම් කටයුතු සිදු කළා.

2023 වසරේ කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජලනල එලමින් සිටි සේවකයින් පිරිසකට පොළව යටතිබී යුදසමයේදී ආරක්ෂක අංශ විසින් පළඳින ලද නිලඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හා ඇටසැකිලි කොටස් කිහිපයක් මතුවීම හේතුවෙන් මෙම ස්ථානයේ වැඩිදුර කැණීම් කටයුතු සිදු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles