සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නැවත වැඩට බසී

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන වැඩපිළිවෙල නැවත ආරම්භ කිරීමට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සූදානම් බව වාර්තා වෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතා මතයක් සකස් කර එම ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම එම ව්‍යාපාරයේ අරමුණ බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

මෙම කටයුත්ත සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ හිටපු කතානායක කරූ ජයසූරිය වන අතර දයාසිරි ජයසේකර, රාජිත සේනාරත්න මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද සහාය දැක්වීමට බලාපොරොත්තු වන බව ද වාර්තා වෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මෙහි මූලික අරමුණ බවද එම සංවිධානය වැඩි දුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles