නිමල් ලාන්සා ප්රමුඛව ගොඩ නැගෙන නව දේශපාලන සන්ධානයේ පළමු මහජන රැළිය ඊයේ (27) ජා-ඇල දී පැවැත්වුණා. රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට සහය පළ කිරීම පිණිස නිර්මාණය කරන්නේ යැ යි පැවසෙන මෙම දේශපාලන එකමුතුවට නව සන්ධානය ලෙස නම් තබා තිබෙනවා.
උක්ත රැස්වීමට වෙළඳ හා පාරිභෝගික ඇමැති නලීන් ප්‍රනාන්දු, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න, සිරිපාල අමරසිංහ ඇතුළු විශාල ජනතාවක් සහභාගී වී තිබුණා.
සමහර දෙනෙක් වසර 75ක් එකම පිරිසක් පාලනය කළ නිසා නව පිරිසකට දෙමු යැ යි අදහසක සිටින බවත්, එහෙත් මෙය අත්හදා බැලීම්වලට කාලය නොවන බවත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත කියා සිටියා. ගෝලීය සහ මෙරට දේශපාලනයේ ප්රවණතා ගැන හඳුනාගැනීමට පරිණතභාවයක් අවශ්‍ය බව ඔහු පවසනවා.
මේ ඇවිල්ල ක්‍රමක් ක්‍රමයෙන් ලක් මව මරණය කරා ගෙන යන පිළිකා සයිල.