දුම්රිය සේවයේ තීරණාත්මක වෙනසක්

ශ්‍රී ලංකා දුම්රිය සේවය (SLR) සහ එහි සේවාවන් සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට විද්වත් කමිටුවක් පත් කරන ලෙස කැබිනට් මණ්ඩලය ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

දුම්රිය සේවය දිනකට රුපියල් කෝටි දෙකහමාරක පාඩුවක් ලබන බව ගිය වසරේ මැද භාගයේ දී වාර්තා වුණා. එම දෙපාර්තමේන්තුව ගිය වසරේ සේවකයන්ට වැටුප් ගෙවීමට රුපියල් කෝටි 780ක් වැය කරද්දී ආදායම ලබා තිබුණේ රුපියල් කෝටි 260ක් පමණි. දුම්රිය දෙපාර්තමේන්තුව වසරකට කෝටි 4000ක පමණ අලාභයක් සිදු කරගන්නා බවයි තතු දත් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles