නව ත්‍රස්ත පනත ගැන ලොවට පැහැදිලි කරයි

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව මෙරට සිටින සියලුම විදේශිය මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී.

එහි දී මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සිය අදහස් හා යෝජනා මෙහිදී ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබදව ඔවුන්ට පවතින ගැටළු සදහා අලි සබ්රි අමාත්‍යවරයා, විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිතුරු ලබා දී තිබෙනවා.

එම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජයවර්ධන, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නෙරිල් පුල්ලේ සභාගී වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles