බොරු පැමිණිලි දමා ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගරලා: කුකුල් චමින්දගේ බිරිඳටත් වැඩ වරදී

පසුගියදා දැරියකට අමාණුෂික ලෙස පහරදීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාර ගතකර ඇති කුකුල් චමින්ද නැමිති පුද්ගලයාගේ බිරිඳ අසත්‍ය පැමිණිලි දමා ව්‍යාපාරකයින් බියගන්වා මුදල් ලබා ගැනීමේ ජාවාරමක යෙදී සිට ඇති බවට තොරතුරු අණාවරණය වී ඇති බව හොරොව්පතාන පොලිසිය පවසනවා.

ඒ අනුව කුකුල් චමින්දගේ බිරිඳ වන පෑලව ගල්කොටුවේ ගෙදර චාන්දනි මුනිද්‍රා නැමැති 37 හැවිරිදි සැකකාර කාන්තාවට විරුද්ධව ඉදිරියෙදී නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙම සැකකාර කාන්තාව මීට මාස දෙකකට පෙර හොරොව්පතාන නගරයේ කට් පීස් රෙදි කඩයක මුදලාලි කෙනෙකු තමාව අතවර කිරීමකට ලක්කළ බව පවසා හොරොව්තාන පොලිසියේ පැමිණිල්ලක් සටහන්කර තිබෙනවා.

ඒ වනවිට හොරොව්තාන පොලිස් ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා නිවස වෙත ගොස් තිබුණු අතර දුරකථනයෙන් ඔහුව සම්බන්ධ කරගනිමින් එම පැමිණිල්ල පිළිබඳව දැනුවත් කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර එහිදී ලැබුණු උපදෙස් පරිදි එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව සඳහන්.

අදාළ කාන්තාව දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා දෙන ලෙසටද අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබුණු අතර ඒ අනුව පෑලව ගල්කොටුවේ ගෙදර චාන්දනි මුනිද්‍රා නැමැති 37 හැවිරිදි සැකකාර කාන්තාව අනුරාධපුර දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

නමුත් එම කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කරන දිනයේ තමාට මාසික ශුද්ධිය සෑදී ඇති බව පවසා එදින වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් නොවී පසුව පැමිණීමට එකඟ වී තිබෙන අතර දින කිහිපයකට පසු නැවත මෙම කාන්තාවහට හොරොව්පතාන පොලිසිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පැමිණිනෙ ලෙස දන්වා තිබුණත් එහිදීද මෙම කාන්තාව වැලිඔය, පදවිය, වැනි ප්‍රදේශවල නෑදෑ ගෙදරකට පැමිණි ඇති බව පවසා දුරකතනයද විසන්ධි කරමින් පොලිසිය හා අධිකරණ වෛද්‍යවරයා මග හරිමින් සිටීමට උත්සහ දරා ඇතැයි සඳහන්.

ඒ පිළිබඳ පොලිසිය දිගින් දිගටම විමර්ශණ සිදුකරමින් සිටින අතරතුර පැමිණිලිකාරිණිය අසත්‍ය පැමිණිලි දමා ව්‍යාපාරිකයින් රවටා මුදල් ලබා ගැනීමක් සිදුකරමින් සිටින බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පරික්ෂණ සිදු කළ පොලීසිය හට වැලිඔය, පදවිය වැනි ප්‍රදේශවලින්ද මෙවැනිම පැමිණිලි ලැබී ඇති බවට කරුණු අනාවරණය වූ නමුත් සැකකාර කාන්තාව සැඟවී සිටිම හේතුවෙන් පොලීසියට ඇයව අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වෙන්නේ.

පසුගියදා දැරියකට අමානුෂික ලෙස පහරදීමක් සිදුකිරීම සම්බන්ධව කුකුල් චමින්ද නැමැති පුද්ගලයා පිළිබඳ නැවත විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ අනුව ඔහු සමඟ සිටි කාන්තාව පිළිබඳව හොරොව්පතාන පොලිසිය අවධානය යොමු කර තිබෙනවා.

ඇය පොලිසිය විසින් සොයමින් සිටි කාන්තාව බව අණාවරණය වූ හොරොව්පතාන පොලිසියේ කාන්තා පොලිස් නිලධාරිණියන් දෙදෙනෙකු ඇතුලු විශේෂ පොලිස් කණ්ඩායමක් එදින රාත්‍රියේ එම නිවස වෙත ගොස් එම සැකකාර කාන්තාව හමුවී කටඋත්තර ලබා ගෙන තිබූ අතර එහිදී එම කාන්තාව තමන් විසින් හොරොව්පතාන පොලිසියේ සිදුකළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව පිළිගනු ලැබූ බව සඳහන්.

ඒ අනුව ඉදිරියෙදී අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කරමින් පොලිසිය නොමග යැවීම මුල් කර ගනිමින් හොරොව්පතාන පොලිසිය නඩුවක් ගොණුකර නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි එහි ස්ථානාධිපති ඩබ්ලිවි.එම්.එන්. අයි දයානන්ද පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles