පාර්ලිමේන්තු ගෘහපාලන අංශයේ සියලුම සේවිකාවන්ට සාරියෙන් සැරසී සේවයට වාර්තා කරන ලෙස එහි අංශ ප්‍රධානීන් නියෝග කර තිබෙන බව වාර්තා වෙනවා. ගෘහපාලන අංශයේ රූමත් සේවිකාවන්ට ලිංගික හිරිහැර සිදුව ඇතැයි යන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පාර්ලිමේන්තු මහලේකම්වරිය ත්‍රිපුද්ගල කමිටුවක් පසුගිය දා පත් කරනු ලැබුවා. මෙම සාරියෙන් සැරසී පැමිණිය යුතු ය යන තීරණය සේවිකාවන්ට ලැබෙන්නේ මෙසේ කමිටුව පත් කිරීමට පසුව වීම විශේෂත්වයක්.
ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බැවින් ඔහු මෙසේ වැඩ තහනමට ලක් කළ බව බලධාරීන් මෙයට පෙර සඳහන් කළා. කෙසේ වෙතත් ලිංගික හිංසන සිදු වීම වැළැක්වීමට සේවිකාවන්ට සාරි ඇන්දවීම හාස්‍යජනක බව පාර්ලිමේන්තුවේ ගෘහපාලන අංශයේ කටයුතු කර විශ්‍රාමික නිලධාරියෙක් Lankaline වෙත පවසා සිටියා.