ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ බිඳ වැටීමක් වාර්තා වෙනවා. බොහෝ පරිශීලකයන් හට නැවත තම ගිණුම් වෙත පිවිසීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ බිඳ වැටීමට හේතුවක් මේ වන තෙක් වාර්තා වී නැහැ. වෙබ් අඩවියට පිවීසිමේ සැසිය කල් ඉකුත් වූ බවට වන පණිවිඩයක් බොහෝ දෙනෙකුට ලැබෙන බවයි පැවසෙන්නේ.
ඉන්ස්ටග්රෑම් සඳහා ද යම් ගැටලු ඇති බවක් වාර්තා වෙනවා.
මේ දක්වා මෙටා සමාගමෙන් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර නැති බව වාර්තා වෙනවා.