මහා ඖෂධ ජාවාරමට සම්බන්ධ ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදනය කළ සීදුව-අමන්දොළුව පිහිටි කර්මාන්ත ශාලාව ඊයේ (21) විමර්ශන නිලධාරින් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.
අදාළ ව්‍යාජ ඖෂධ නිෂ්පාදනය කළ ආයතන හිමිකරුද බන්ධනාගාර නිලධාරීන් එහි රැගෙන විත් තිබුණු බව වාර්තා වෙනවා.
ඊයේ කරනු ලැබූ විමර්ශනයේදී දත්ත සහිත පරිගණක කිහිපයක්, ආරක්ෂක කැමරා දත්ත සහ ශීතකරණයක තිබූ ප්‍රතිදේහ කුප්පි 10ක් නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
මෙම භාණ්ඩ මගින් තවත් වැදගත් තොරතුරු කිසිවක් හෙළිදරව් වේ යැ යි අපේක්ෂා කෙරෙනවා.