ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 44 ක් වන හේනේගම, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලීසිය පවසන්නේ.
ඊයේ (05) රාත්‍රියේ දෙමටගොඩ පොලිස් වසමේ වේළුවන පාර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.