ප්‍රකට ආර්ථික විශේෂඥයා දිවි නසාගෙන?

මෙරට ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු ව කටයුතු කළ 47 හැවිරිදි අමල් සඳරත්න මහතා මරණයට පත් ව තිබෙනවා.

ඒ කොළඹ රොස්මිඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයක 7 වැනි තට්ටුවෙන් බිම ඇද වැටීමෙන්. සාර්ව ආර්ථිකය සම්බන්ධ පර්යේෂණය කටයුතු කරන සමාගමක් වන Frontier Research ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ ඔහු මෙරට ප්‍රධාන පෙළේ ආයතන ගණනාවක ම ප්‍රධාන තනතුරු දැරූ අයෙක්.

ආර්ථික විද්‍යාඥයා මානසික අවපීඩන සහ කාංසා තත්වයට ප්‍රතිකාර ගනිමින් පසුවූ බව ආරංචිමාර්ග තොරතුරු පළ කරනවා. කෙසේ වෙතත්, මෙරට ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයට ඔහුගේ අහිමි වීම බරපතළ පාඩුවක් බවයි ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඔහු මෙරට පමණක් නොව දකුණු සහ මධ්‍යම ආසියානු කලාපයේ ප්‍රසිද්ධව සිටි අයෙක්.

වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්ම වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles