ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පියෙකු තම දියණිය සමඟ පැන සියදිවි හානිකර ගෙන තිබෙනවා.
එසේ ධාවනය වූ දුම්රියට ඔවුන් දෙපළ බිලි වී ඇත්තේ කන්තලේ – රජඇල ප්‍රදේශයේ දී.
මෙලෙස මියගිය ගොස් ඇත්තේ වයස අවුරුදු 38ක පුද්ගලයෙක් හා ඔහුගේ අවුරුදු 06ක දියණියක් වන අතර, මොවුන් කන්තලේ පදිංචිකරුවන් බවයි සඳහන් වෙන්නේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ බිරිඳ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට දැන ගැනීමෙන් පසු සිත් තැවුලට පත් වූ මෙම පුද්ගලයා මෙලෙස තම දියණිය සමඟ සියදිවි හානි කරගෙන ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.