බේරුවල පොලිස් ස්ථානය අසල ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දී එකම පවුලේ පියා සහ පුතා ඔවුන් අතර පවතින පෞද්ගලික විරසකයක් හේතුවෙන් කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක හප්පා ගෙන අනතුරු කරගත් සිදුවීමක් වාර්තා වෙනවා.
පියා ව්‍යාපාරිකයෙක් වන අතර බේරුවල වරායේ යම් කිසි කටයුත්තකට පැමිණීමේදී දෙදෙනාගේ වාහන දෙක එකට හමුවී තිබෙනවා. එහිදී පියා විසින් සිය රථය පුත්‍රයාගේ රථයේ හැප්පූ බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් අනතුරින් වාහන දෙකට හානි සිදුව තිබෙනවා. පුද්ගල හානි කිසිවක් වාර්තා වී නැහැ.
වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.