බුදුදහමට අපහාස කෙරෙන අන්දමේ ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා නැගී තිබෙන ජෙරෝම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ මව්පියන් සිය පුත්‍රයා වෙනුවෙන් සමාව ඉල්ලීම සඳහා පසුගිය දා ඕමල්පේ සෝභිත හිමියන් මුණ ගැසී තිබුණා. එහිදී සිය සමාව ඉල්ලීම මහනායක හිමිවරුන් වෙත ගෙන යෑමට සම්බන්ධීකරණය කරන්නැයි ඉල්ලා තිබුණු බවයි වාර්තා වන්නේ.
එහිදී දේවැගතිවරයාගේ පියා එම හමුවෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් කියා තිබුණේ, සිය පුත්‍රයා වෙනුවෙන් අගතියට පත් පාර්ශ්වවලින් පමණක් නොව මුළු රටෙන්ම සමාව ගැනීමට තමන් සූදානම් බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සෝභිත හිමියන් පසුව පවසා ඇත්තේ, සමාව දීමට තමන්ට හැකියාවක් නැත්තේ වරද සිදුව ඇත්තේ තමන්ට නොව බුදුදහමට නිසා බවයි. පුත්‍රයා කළ වරදට දෙමව්පියන්ට සමාව ගැනීමට හැකියාවක් නැති බවත් පළමුව ජෙරෝම් ප්‍රනාන්දු ලංකාවට පැමිණ වරද පිළිගෙන ප්‍රකාශයක් කළ යුතු බවත් සෝභිත හිමියන් පවසා තිබෙනවා. ඉන් පසුව ඔහුට මහනායක හිමිවරුන් හමු වී සමාව අයැද සිටිය හැකි බව ඒ හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.