මූල්‍ය වංචා නඩුව : තාඹුගලට අධිකරණ නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව රහසිගත ප්‍රකාශයක් ලබන 24 වෙනිදා ලබාදීමට විරංජිත් තාඹුගලට අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා.

තමාට අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවට විරංජිත් තාඹුගල සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉල්ලීමක් සිදු කරනු ලැබූ අතර එම ඉල්ලීම සලකා බැලු මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

රුපියල් කෝටි 07කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඇප මත මුදාහැරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles