මහියංගණ රෝහලේ හෙද නිලධාරිනියක් ආපනශාලාවෙන් මිල දී ගත් මෙරට ප්‍රසිද්ධ චොකලට් සමාගමක් විසින් නිෂ්පාදනය කළ චොකල්ට් එකක් තුළ තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමු වීමේ සිද්ධිය මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අධිකරණයට වාර්තා කර තිබෙනවා.
එහිදී අධිකරණය විසින් මේ සම්බන්ධ පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට එම මිනිස් ඇඟිල්ලක කොටස යැයි සැක කරන ද්‍රව්‍ය සහ චොක්ලට් එක රස පරීක්ෂක වෙත යවන්නැයි නියෝග කර තිබෙනවා. රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කෙරනු ඇති.