සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳුදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ සංවර්ධනය සඳහා තම රට සහාය දෙන බවට ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත තානාපති Kimmo Lahdevirta සහතික වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ සේවා සැපයීම සඳහා ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිත ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්ම පිළිබඳව අමාත්‍යවරයා ෆින්ලන්ත තානාපතිවරයාට මෙම හමුවේදී දැනුම් දී ඇතැයි වාර්තා වුණා.
නිදහසින් පසු මෑතක සිට ශ්‍රී ලංකාව බරපතළම අභියෝගවලට මුහුණ දුන් ආකාරය සහ එය සෞඛ්‍ය ක්ෂේත්රයට දැඩි ලෙස බලපා ඇති ආකාරය පිළිබඳව ද අමාත්‍යවරයා පැහැදිලි කළ අතර එම අභියෝග ජය ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව ද එහිදී සාකච්ඡා කෙරුණා.