ගිනිගත් කම්හලට පරිසර බලපත්‍රයක් තිබී නෑ

හෝමාගම කටුවන ප්‍රදේශයේ කර්මාන්ත කලාපයේ ගින්නක් ඇති වී තිබෙන්නේ රාසයන ද්‍රව්‍ය කම්හලකයි. නවතම තොරතුරු අනුව එම කර්මාන්ත ශාලාවට පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොතිබූ බව වාර්තා වනවා. මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක වරයා මේ බව කියා තිබෙනවා. ගින්න නිසා වායු දූෂණය මෙන්ම ජල දූෂණයක් ද සිදුවන බව දැනගැනීමට තිබෙනවා. පරිසර බලපත්‍රයක් ලබා නොගැනීම පිළිබඳව මාධ්‍ය ප්‍රකාශකවරයා චෝදනා එල්ල කරනු ලබන්නේ කර්මාන්ත කලාපයේ පරිපාලනයටයි. පසුගිය දෙසැම්බර් මස සිටම මෙම බලපත්‍රය ඔවුන්ට නොතිබූ බවයි දැනගැනීමට ඇත්තේ.

කෙසේ වෙතත් ඊයේ දිනයේ මෙම කර්මාන්තශාලාව ගිනි ගෙන දැවුණු අතර ගිනි නිවන රථ 7ක් යොදාගෙන ගින්න මැඩ පවත්වා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට අවධාරණය කරන්නේ මේ කර්මාන්තශාලාව නැරඹීමට එම ප්‍රදේශයට නොයා යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles