පවතින ගංවතුර තත්ත්වය සමඟ ජල මූලාශ්‍ර අපිරිසිඳුවීම හේතුවෙන් බෝවන රෝග පැතිරීමේ අවදානමක් මතුව ඇතැයි කොළඹ මහ නගර සභාව දැනුම් දෙනවා.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන සඳහන් කළේ, හැකි සෑම අවස්ථාවකම උණුකර නිවාගත් ජලය පානය කිරීමට පියවර ගන්නා ලෙසයි.
ජල මූලාශ්‍ර අපිරිසිඳුවීම හේතුවෙන් මී උණ, පාචනය වැනි රෝග ඉතා ඉක්මණින් බෝ විය හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.
එමෙන්ම මෙම කාලවකවානුවේ පළතුරු,එළවළු සහ පලා වර්ග භාවිතයට පෙර හොඳින් පිරිසිඳු කරගන්නා ලෙසත් හැකිතාක් දුරට අමු එළවළු හා පළා වර්ග ආහාරයට ගැනිමෙන් වළකින ලෙසත් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය දැනුම් දෙනවා.
විශේෂයෙන්ම ගංවතුර පැවති ප්‍රදේශවල ළිං නැවත භාවිතයට පෙර පිරිසිදු කරගන්නා ලෙසත් ක්ලෝරීන් යොදා පිරිසිදු කළ යුතු නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඒ සඳහා උපදෙස් ලබාගන්නා ලෙසත් වෛද්‍ය ගිතිකා රත්නවර්ධන ප්‍රකාශ කරනවා.