මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් බදාදා සිට තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වෙනවා. මෙම සංචාරයේදී තීරණාත්මක කටයුතු සහ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා රැසකින් සමන්විත වන බවයි පැවසෙන්නේ. ඇය ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ වසර දෙසියයක සංවත්සර සැමරුම වන ‘NAAM 200’ සඳහා සහභාගී වන බව ආරංචිමාර්ග සඳහන් කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙනවා.
මීට අමතරව, සීතාරාමන් කොළඹ පැවැත්වෙන ඉන්දීය ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුව ඇමතීමද එක් වැඩසටහනක් වනවා.
බලශක්ති ක්ෂේත්‍රයේ තිරසාරභාවය සාක්ෂාත් කර ගැනීමේ පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ ආගමික ස්ථානවල සූර්ය බලශක්තිය ලබාදීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඇය විසින් නිරීක්ෂණය කරනු ඇති. ඉන්දියාව මේ සඳහා රුපියල් කෝටි 82.4ක් වෙන් කර තිබෙනවා.
මීට අමතරව, දළදා මාලිගාව, ජය ශ්‍රී මහා බෝධිය, තිරුකෝනේශ්වරම් විහාරස්ථානය සහ කන්දස්වාමි කෝවිල ඇතුළු ප්‍රමුඛ සංස්කෘතික හා ආගමික ස්ථාන වෙත සංචාරය කිරීමටද ඇය සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.
අමාත්‍යවරිය විසින් ත්‍රිකුණාමලයේ සහ යාපනයේ ඉන්දීය රාජ්‍ය බැංකුවේ ශාඛා විවෘත කිරීමද සිදු වනවා.