ෆොන්සේකා නැවත ජනපති සටනට

හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.

ජුනි මාසයේදී ඒ පිළිබඳ විධිමත් ප්‍රකාශයක් කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව ෆොන්සේකා කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට නියමිතයි.

සජබ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ලබා ගැනීමට ද ෆොන්සේකා සමත් වී ඇති බව පැවසෙන අතර අනෙකුත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් සහ දේශපාලනඥයන් සමඟ රහසිගත සාකච්ඡා පැවැත්වෙන බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරය දූෂණයෙන් තොර රටක් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles