ෆොන්සේකා ජනපති සටනට එයි!

2024 ජනපතිවරණය වෙනුවෙන් තමන් තරඟ කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

තම X ගිණුමේ නිල සටහනක් තබමින් ඔහු මේ බව දැනුම් දී තිබෙනවා.

සමඟි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරයද දරමින් සිටින ඔහු පසුගිය කාලයේ එම පක්ෂයේ නායකයා වන සජිත් ප්‍රේමදාසව විවේචනය කිරීම කතාබහට ලක් වුණා.

2010 වසරේදී පැවැත්වුණු ජනපතිවරණයේදී ද තරඟ වැදුණු සරත් ෆොන්සේකා 40.15%ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගත්තා. පසුව අත්අඩංගුවට ගැනුණු ඔහු සිරගත කෙරුණා.

ඔහු තැබූ X නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles