ෆොන්සේකාගේ පොරොන්දුව ජනපතිට දෙයි

සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් රචිත යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව නම් කෘතිය එළිදැක්වීම ඊයේ (29) නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා. ඒ ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ ජනපතිවරයා කියා සිටියේ, තමන් අගමැතිව සිටියදී ගත් තීරණයක් අනුව සරත් ෆොන්සේකා වෙත යාපනය ඩිවිෂනය භාර දුන් බවයි. එසේම සරත් ෆොන්සේකා යනු සටන අත් නොහරින අයෙකු බවත් තවත් ඔහු මේ රටට සේවය කළ යුතු බවත් අනාගතයේ ඔහුගෙන් ගැනීමට ඇති සේවය රටට ලබා ගැනීම කළ යුතු බවත් ජනපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles