ඉතිහාසයේ පළමුවරට රුසියාවෙන් මෙරටට රැකියා අවස්ථා

මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉතිහාසයේ ප්‍රථම වරට රුසියානු සමූහාණ්ඩුව වෙත පුහුණු ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා සෘජු රැකියා අවස්ථා ලබා ගැනීම වෙනුවෙන් මැදිහත් ව තිබෙනවා.

මෙම රැකියා වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සහයෝගයෙන් දියත් කෙරෙන බවයි වාර්තා වන්නේ. ආරම්භක අදියර ලෙස මැහුම් ශිල්පීන් 58 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම 2023 අගෝස්තු 02 වන දින රුසියාවේ නිශ්නි නොව්ගොරොද් කලාපයේ පිහිටි සුප්‍රසිද්ධ රෙදිපිළි නිෂ්පාදන කම්හල් දෙකක සේවය පිණිස ගොස් තිබෙනවා.

මැහුම් ශිල්පීන් 58 දෙනා අතරමැදි නියෝජිතායතනවලට සම්බන්ධ නොවී බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ගිවිසුම්වලට එළඹීමට තානාපති කාර්යාලය රුසියානු සේවා යෝජකයන්ට පහසුකම් සලසා ඇති බව සඳහන් වෙනවා.

මෙවැනි රැකියා 700කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා පවත්වන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles