ආණ්ඩුවට එරෙහි සමගි ජන බලවේගය සංවිධානය කරන විරෝධතාවක් කොළඹදී අද (30 ) පැවැත්වීමට නියමිත බව සඳහන් වෙනවා.
ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් මෙම විරෝධතාවය පවත්වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ ( 29 ) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා.
මේ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ගෙන කටයුතු කරන අතර රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැතිව යන මොහොතක ඒ වෙනුවෙන් සටන් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව ද වැඩි දුරටත් පවසා සිටිනවා.