විදේශ ඇමැති අලි සබ්‍රි UN සමුළුවට පුතා එක්ක ගිහින්!

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වෙනි සැසිවාරයේ සමුළුව සඳහා සහභාගි වූ පිරිස අතර විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රිගේ පුත්‍රයා දකින්නට ලැබුණා. ඔහුගේ සිය පුත්‍රයා එක්සත් ජාතීන්ගේ සමුළුවේ හමුවීම් සඳහා සහභාගී කරගෙන තිබෙන බවත් විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග Lankaline වෙත සැළ කර සිටියා. විදේශ අමාත්‍යවරයාගේ පුත්‍රයා මෙම සමුළුවේ හමුවීම් සඳහා සම්බන්ධ වන්නේ කුමන පදනමකින් දැ යි විමසිය යුතු බවයි මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පවසා සිටියේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිල හමුවීම්වල විදේශ අමාත්‍යවරයාගේ පුත්‍රයා ද සිටින ඡායාරූප විදේශ අමාත්‍යංශ වෙබ් අඩවියේ ද පළ කර තිබෙනවා.

ජනාධිපතිවරයා සහභාගි වන උක්ත සමුළුව වෙනුවෙන් රට බංකොලොත් බව කරා රැගෙන යෑමට කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු රැගෙන ගියේ කුමන පදනමකින් දැ යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේ දී විමසා සිටියා. මෙම සමුළුව සඳහා රුවන් විජේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රේමනාත් සී. දොලවත්ත, රෝහිත අබේගුණවර්ධන වැනි පිරිසක් ද සමගි ජනබලවේගයේ මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ද සහභාගි වී සහභාගි වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles