ගුවන් නියමු හිඟයට පිළියමක් ලෙස විදේශීය ගුවන් නියමුවන් බඳවාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.
එසේම එහි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා ප්‍රකාශ කරන්නේ ඊට රජයේ අනුමැතිය හිමි ව ඇති බවයි.
පසුගිය සමයේ රටේ ඇති වූ අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ, ගෙවුණු වසර තුළ ගුවන් නියමුවන් 60කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් ව ගොස් තිබෙන නිසා මෙම පියවර ගැනීමට සිදු වු බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ.