මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමෙන් අල්ලස් ලබා ගෙන ඇති බව සඳහන් කරමින්, ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින්.
2015 වසරේ දී එම සංවිදානය ක්‍රිෂ් සමාගමට එරෙහිව පැමිණිල්ලක් කර තිබු අතර අධිකරණ කටයුතු සිදුවෙමින් තිබියදී එවකට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියාව සිටි වෛද්‍යාලංකාර අදාළ සමාගමට එරෙහිව නීතිමය කටයුතු අනුගමනය නොකළ බවද පැමිණිල්ලේ සඳහන් වෙනවා.
අදාළ සමාගම වරදක් නොකළ බව ලිපියක් මගින් ඔහු කියා තිබුණා. එලෙස ලිපි යොමු කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 28 වැනිදා ක්‍රිෂ් සමාගමේ නව අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීම් ලැබ ඇති බවත් එම පත්වීම ඔහු සහ සමාගම අතර පවතින සම්බන්ධතාවන්හි ප්‍රතිඵල බවත් මෙම පැමිණිල්ලෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.