එවක එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ධුරය දැරූ චන්ද්‍රසේන විජේසිංහ සමගි ජනබලවේගය සමග එක්ව තිබෙනවා.
2010 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනයෙන් ඉල්ලා අස් වන තුරු ඔහු එම පක්ෂයේ ප්රබලයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා. ජවිපෙ අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉල්ලා අස් වූ අතර ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු ජවිපෙන් පාර්ලිමේන්තුව වෙත තේරී පත් වූවා. ඔහු එවක ජවිපෙ දේශපාලන මණ්ඩලයද නියෝජනය කළ නායකයෙක් ලෙස කටයුතු කරනු ලැබූ අයෙක්.
සමගි ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මෙසේ එම පක්ෂය සමග එක් වුණු බවයි වාර්තා වන්නේ.