හිටපු සෞඛ්‍ය ලේකම් සී.අයි.ඩී.යට: පිටවෙද්දී ජනතාව “හොරා“ කියමින් කෑ ගසයි!

ආන්දෝලනයකට තුඩු දී තිබෙන ව්‍යාජ ඖෂධ ගෙන්වා මුදල් කෝටි ගණනක් වංචා කිරීමේ සිද්ධියට අදාළව, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව ගියා.

ඔහු අසනීපව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්නා බව කලින් වාර්තා වුණත්, අද ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටි බව නිරීක්ෂණය වුණා.

කෙසේ වෙතත්, තමන් රටේ ඖෂධ හිඟයක් ඇති අවස්ථාවක රාජ්‍ය නිලධාරියෙක් ලෙස නීතිරීතිවලට අනුගතව කටයුතු කරලා තිබෙන බව පැවසුවා. එසේම තමා රෝහල්ගතව සිටි බව ව්‍යාජ ප්‍රකාශ කර ඇත්තේ මාධ්‍ය බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය හිටපු ලේකම්වරයා එසේ පිටව යද්දී රැස්ව සිටි පිරිසක් ඔහුට විරෝධය දැක්වූයේ හොරා හොරා කියමින්. ඔවුන් විරෝධය පළ කරමින් ඔහුව අත්අඩංගුවට නොගැනීම ගැන ප්‍රශ්න කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles