හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමෙන් පසුවද සිය ඇමැති ධුර කාලයේ නිකුත් කර තිබූ රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුතු වාහන ද නැවත භාර නොදී පෞද්ගලික පරිහරණයේ යොදාගෙන තිබෙන බව වාර්තා වෙනවා.
පරිසර අමාත්‍යංශයට අයත් අතිසුඛෝපභෝගී ජීප් රථ දෙකක් මෙසේ පෞද්ගලික පරිහරණයේ තබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශය පසුගිය දා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ද කර තිබෙනවා.