ජනපතිවරයා විසින් ධුරයෙන් පහකරන ලද රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා විපක්ෂයට එක් වන බව වාර්තා වෙනවා. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයට හෝ විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස අසුන් ගැනීමට බොහෝදුරට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විවේචනය කර මිනිත්තු කිහිපයකට පසුව ක්‍රීඩා අමාත්‍යවරයා ඉවත් කෙරුණා. අය-වැය තෙවන වර ඡන්ද විමසිමේදී රණසිංහ මන්ත්‍රීවරයා ඡන්දය ලබා නොදෙනු ඇති බවයි පැවසුණේ.