කතරගම ප්‍රාදේශීය සභාවේ එකම පක්ෂයේ හිටපු සභාපතිවරයා හා මන්ත්‍රිවරයකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.
කතරගම නගරයේ මැද වීදියේ වෙළෙඳසලක් අසල දි මෙම සිදුවිම සිදු වී ඇති බව කතරගම පොලිසිය පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති 40 හැවිරිදි චානක අමිල් රංගන හා එම පක්ෂයේම මන්ත්‍රිවරයකු වන 39 හැවිරිදි හේවාරයිගම් කෝරළගේ දසුන් ඉන්දික නමැති දෙදෙනා අතර මෙම ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
27 වැනි දින සවස 7.30ට පමණ කතරගම මැද වීදියේ වෙළෙඳසලක් අසල දී මෙම බහින්බස්වීම සිදු වී තිබුණා.
එහි දී බහින්බස්වීම දුරදිග ගොස් එය දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිගගොස් ඇති අතර රාත්‍රි 8.30ට හිටපු සභාපතිවරයාත්, රාත්‍රි 9.30ට පමණ මන්ත්‍රිවරයාත් වෙන වෙනම ගොස් කතරගම පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර දෙදෙනා සඳහාම අධිකරණ වෛද්‍ය පෝරම නිකුත් කිරිමටද පොලිසිය කටයුතු කර තිබෙනවා.