සල්ලි දුන්නු අය ගෝඨාට අමතකයි ලු

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයෙන් පලා ගිය මොහොතේ එහි තිබු රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂ අසූ පන්දහසක මුදල පිළිබඳව ප්‍රශ්න කිරීමට ජූලි 27 අල්ලස් කොමිසම විසින් හමු වන බව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කර තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ, අදාල මුදල්, පොහොට්ටු පක්ෂයට හිතවත් ව්‍යාපාරිකයන් විසින් තමන්ට ලබා දුන් බවත් ඒ අරගලකරුවන් විනාශ කළ නිවාස යළි ගොඩ නගා ගැනීම සදහා එකී නිවාස හිමිකරුවන්ට ලබා දීමටත් බවයි.

මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන් කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ විට හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඔවුන්ගේ නම් තමන්ට අමතක බවත් ඊට අදාල ලේඛන අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් පසුව විනාශ කර දමා ඇති බවද හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ පුරවැසි බලය සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.

ඒසේම මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා එම විමර්ශන නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බව ද රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles